විප්ලවවාදීන් වෙත අගනා පාඩමක් උගන්වන ‘MY RED COMRADE’

“තොල්ස්තෝයි 1905 රුසියානු විප්ලවයේ කැටපත” යැයි ලෙනින් කී ය.

ඒ විප්ලවය විසින් විසඳිය යුතු ගැටලු ඔහුගේ අනාවරණයන් තුළ එළියට ආවේය යන අර්ථයෙනි. එනම්, ඒවා විප්ලවය සඳහා අවශ්‍ය ඥානයේ ඒක දේශයක් විදහා දක්වා ලී ය යන අර්ථයෙනි.

තොල්ස්තෝයි විසින් කරනු ලැබ ඇත්තේ සාහිත්‍යකරුවකු ලෙස ඔහුගේ වගකීම ඉටු කිරීම ය. ඒ ආකාරයට තමන්ගේ වගකීම ඉටු කළ වෙනත් කාලා මාධ්‍යවල නියැළී සිටින කලාකරුවන් අතර සිනමා කලාව තුළින් ‘ඇඟට දැනෙන යමක්’කළ සිනමාකරුවකු ලෙස සුදත් මහදිවුල්වැව හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. ඔහු අධ්‍යක්ෂණය කළ පළමු සිනමා නිර්මාණය වූ ‘සුදු අළු සහ කළු’ ඊට කදිම නිදසුනකි. ඔහුගේ දෙවන සිනමා නිර්මාණය වන ‘‘MY RED COMRAD’’ මැයි මස තුන්වන දින සිට තිරගත වීමට නියමිත ය.

විප්ලවවාදීන් වෙත අගනා පාඩමක් උගන්වන ‘MY RED COMRADE’ –  (ජයසිරි අලවත්ත) (theleader.lk)


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *